Friday, January 13, 2012

෴ට්විටරය හැඳින්නෙමි෴ Twitter explained in Sinhala [Guest Post]

-නදීර අයියාගේ ඉල්ලීම පරිදි උපන් සිංහලෙන් දන්නා පරිදි ට්විටරය ගැන කොටමි-

ට්විටරය, සමාජ ජාලයකි. නෑ, මෙය සිරාම සමාජ ජාලයකි, කොල්ලො, කෙල්ලො, බල්ලො එකට ලැගුම් ගන්නා, කරන කියන හැම මඟුලම ලියා ආදරයෙන් වෙසෙන තැනකි. කොටින්ම, බොරු සෝබන නැත, ඇඩ් නැත, ගේම් නැත, උඩ බලාගෙන බොරු කෙටීමට චැට් නැත... හැමෝම තමන්ගෙ අදහස්, හැඟීම් අකුරු 140කට කැටි කොට අපූරුවට ලියයි.



කියන්නේ දැනගෙනය, ටක්කෙටම සහතිකය. බුකියේද කරක් ගසා නට්ටන් වී සිටි මට ට්විටරය හිතට වැදුනේය. ඉන්නේ ඇත්ත මිනිස්සුය, ඇත්ත අදහස්ය. කැමැති අකැමැති දේ පොදුවේ සාකච්ඡා වේ. හෑශ් ටැගියක්(#) ආධාරයෙන් මාතෘකාව සඳහන් කොට කියන්නට ඇවැසි දෑ බොක්කෙන්ම කියයි. @ සබැඳියක් මගින් ඔබේ යහලුවෙක් ට්වීටයක හඳහන් කල හැකිය.



බ්ලොගියක් ලියන්නෙක්නම් ට්විටරය සිරාම පොට් එකකි. බුකියේ අපි දමන ලින්ක් බලන්නේ අවාරෙට වගේය. නැත්තන් උන් ලින්කුවට ලැයුකුවක් කොටා ශේප් වී යයි. ට්විටරයේ එසේ නැත. බ්ලොගකරුවන් පිරී ඇති මෙහි ඔබේ බ්ලොගයටත් හොඳ තැනක් ලැබේ යැයි මට සහතිකේටම මෙව්වා විය හැක. එමෙන්ම ඔබේ බ්ලොගයට සමාන මාතෘකාවලින් බ්ලොග ලියන්නන් සොයා ගැනීමටත්, එම ක්ශේත්‍රවල පළපුරුදුකම් ඇති වෘතීය මට්ටමේ පුද්ගලයන් සමගද හොඳින් කථා කොට උපදෙස් ලබා ගත හැක.

මේ අතරම මෙහි ඉන්නා උන් සමඟ සෙට්වී ෆුල් මැටි ආතල් ගත හැක. ලියනා ට්වීට කියවීමට ආසය. සිරා යහලුවන් ඇතිකර ගත හැකිය. ඔපේට තැන දෙන බුකියට වඩා ඇත්ත මනුස්පයාට තැනදුන් ට්විටරය බොක්කෙන්ම සිරාය. ඔබේ ජීවිතයට ඇනයකට වඩා නියම විනෝදාස්වාදයක් හා දැනුම රැගෙන එන තැනක්ය.


මෙය කියවන ඔබට ට්විටර ගිණුමක් නැත්තන් අදම සාදා ගන්න. අපිත් එක්ක කදේ දාන්න එකතු වෙන්න.

ලියූ මගේ ට්විටර ගිණුම - @nHiRanZ නිමිල හිරණ්‍ය සමරසිංහ


මගේ බ්ලොගිය - www.sidhdiya.blogspot.com

එහෙනම් මම ගියා. නදීර අයියේ, ඔබට ජය!

18 comments:

  1. බොක්කෙන්ම සිරාය!

    ReplyDelete
  2. "බොරු සෝබන නැත, ඇඩ් නැත, ගේම් නැත, උඩ බලාගෙන බොරු " මේවා නම් නැත්තේ නැත ..නැති බව පෙනෙන්නේ ඇතිවෙන්නට දෙන එකට වැට බදින නිසාය. :p

    ReplyDelete
  3. අපෝ ඔය කිව්වට මොකො ලන්ගදි ඉදන් ...ඇඩ් දාගෙන අපු එවුන් එමටයි.. #කොම්පැනිකරයෝ

    සීනි බෝල 5 ක් පස් දෙනෙකුට සතිය පුර දෙනවලු. කරන්න තියන්නෙ අනික් එවුනට ට්වීටරේ අප්පිරිය වෙනකම් සීනි බෝලෙ දෙන කොමපැනි කාරයට කඩේ යන එකයි..
    මොනා වුතත් ලොකු ලොකු චොකලට බොල දෙන අයත් නෑතුවාම නොවෙ...එනි වේ... ට්වීටරය (කච කචේ) වත් පොතට වඩා සබවින්ම ආතල් ය..

    ReplyDelete
    Replies
    1. කොම්පැනිකොරනය හැමතැනකම ඇත. සාපේක්ශව හොඳබව හා සිරාවට interactive වීම අතින් ට්විටරය බුකියට වඩා සිරාවටම හොඳය, කුප්පය.

      Delete
    2. යා යා...ඇග්ග්‍රී විත් යෝ... සීනි බෝල 5 වුනත් මොකෝ නිකන්නෙ... #කෝම්පැනිකොරනය

      Delete
  4. සිරා කතාව අයියා !

    ReplyDelete
  5. හැම අදහසම අකුරු 140ට සෙට් කර කෙටීම ගේමකි.., ඒ ගේම ජය ගත්තෝ ටුයිටරයේ යෙහෙන් වෙසෙත්..!

    ReplyDelete
    Replies
    1. එම ලිමිටය ගැන මයෙනම් කිසිම අහිතක් නැත. අදහස සරලව, තේරෙන්නට කෙටීම ප්රමනවත්යැයි දැනේ.

      Delete
  6. විටෙක ට්විටරය විරහා ගී පොතකි... විටක ආදර ගී පොතකි.. විටක මෙලො රහක් නැත.. විටක පැණි කජුය.. විටක වහ කදුරුය.. මට නම් නැතුවම බැරිය :) **Nipuni13**

    ReplyDelete
    Replies
    1. බොක්කේ අයිඩියාස් කෑලි, හිරවී තියෙන හැඟීම්ස් එලියට එන, ආදරේ හිතෙන, ආදරේ කරන, අපේ පොට් එක. #ට්විටරයටආදරෙයි

      Delete
  7. කතාව ඇත්තය, මම විටෙක ටුවීට් වලට මෙන්ශන් කරන්නේ කොල්ලන්ද කෙල්ලන්ද නොදනී, උන්ට බන් බොලන්ද කියති, ඔක්කොටම කලින් මුන්ව වර්ග කල යුතුය නැත්නම් රජ කේස් එකකි :D

    මොනවා උනත් පෝස්ටය එලය

    @Udithishara

    ReplyDelete
  8. නියමයි!!හිරාන් මල්ලි ලස්සනට ලියල තියෙනවා..වෙන කියන්න දෙයක් නෑ 'බොරු සෝබන නැත, ඇඩ් නැත, ගේම් නැත, උඩ බලාගෙන බොරු කෙටීමට චැට් නැත...' මට නං ශතවර්ශයේ කියමන මෙක තමා...බුකියේ එවුන්ගෙ බොරු ඈඩ් කෑලි බලලා ට්විටරයට ආවම මෙච්චර කල් මොනවද දෑක්කෙ කියල හිතුන!! වචන 140 ලිමිටයත් මරු..ඒක හින්ද සිංහල පාඩමෙ ඉගෙන ගත්ත සාරංශ පාඩමෙන්වත් වෑඩක් ගත්තෙ මෙතෙන්දි තමා :D කොහොමහරි ඕනෙම වෙලාවක කතා කරන්න පුලුවන් සිරා යාලුවන් 2-3 හම්බවෙච්චි එක මේ ඔක්කොටම වඩා ලොකු දෙයකි... තෑන්ක්යු වේවා!!
    මීට,
    ~පස්~ (අදුරනව‍ නේ?) :D

    ReplyDelete
  9. I thought i was being stalked only on Twitter. Now someone is stalking my blog also :P

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. FYI...i stalked you on FB too...වෑඩකට ඈති දෙයක් තිබ්බෙ නෑ :P The Blog is awesome!! though i like hiran's one more...

      Delete